ප්‍රශ්නය : කවුද ඔබ මුහුණ දුන් ක්‍රීඩාශීලීම පන්දු යවන්නා.ඔබ වැඩියෙන්ම දවාගත් අය ගැන කියන්න ඕන නෑ.නමුත් ඔබ හොඳ ඉනිමක බාධාවකින් තොරව ඉදිරියට යනකොට කවුරු හරි කෙනෙක් පන්දුව අතට ගන්නවා.අරගෙන ඉතා කල්පනාවෙන් ක්‍රීඩා කරන්න වෙන පන්දුවාර කිහිපයක් දානවා.

මෙතෙක් ලේසි පාසුවෙන් සිටි ඔබ මඳක් තිගැස්සෙනව.ඔබ හිතනව මෙහෙම..
”ප්‍රවේසමෙන්.අඩු තරමෙ මෙතන කවුරු හරි කෙනෙක් උඹව නතර කරන විදිහ දන්නව”..

ඔබට ඒ අත්දැකීම ලැබිල තියන පන්දු යවන්නො කවුද ?

රිකී පොන්ටින්ග් : කර්ට්ලි ඇම්බ්‍රෝස් තමයි හැම වෙලාවෙම එහෙම කළේ.අනෙකුත් රටවල් වල පිතිකරුවො නම් ග්ලේන් මැක්ග්‍රාත් ගැන බොහෝ විට කියනවා.මම නම් මේ කාරණාවෙදි කර්ට්ලිව සෑහෙන්න අගයනවා.

කර්ට්ලි පන්දු යවනකොට කවදාවත් මට මුදුනා වෙන්න දුන්නෙ නෑ.වසීම්ලා හා ෂොයෙබ් අක්තාර්ලා ගැනත් මතක් වෙනවා.හැබැයි කර්ට්ලි හැම වෙලාවෙම මට පීඩනය දුන්නා.ඔහු උසයි.ඉතාම කලාතුරකින් තමයි නරක පන්දුවක් එවන්නේ.ඒ වගේම අවශ්‍ය වුනොත් ඔබව බය කරන්න භයානක වේගයක් ඔහු සතුව තිබුනා.කර්ට්ලි ඇම්බ්‍රෝස් හා වසීම් අක්‍රම් තමයි මගේ කාලයේ මට හමුවුන පරිපූර්ණතම පන්දු යවන්නන් දෙදෙනා.