එහෙම වැඩ කරන්න පුළුවන් අමුතු වැඩ කරපු, අමුතු දේවල් සිද්ධවුන, ගුවන් ගමනක් අතර තුර වැඩිම බියර් කෑන් ප්‍රමාණයක් හිස් කළ ගිනස් වාර්තාව එකල හෙබවූ ඕස්ට්‍රේලියාවට  වේග පන්දු යැවූ මර්වින් හියුස්ට මිසක් වෙන කාටද ?

ඒක වුනේ මෙහෙමයි..

ඔන්න ඕස්ට්‍රේලියාවත් බටහිර ඉන්දීය කොදෙව් අතරත් ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පැවැත්වෙනවා.බටහිර ඉන්දීය කණ්ඩායමේ මුල් ඉනිමේ කඩුළු අටක් වැටිලා.මර්ව් පන්දුව අතට ගන්නවා.පන්දුවට පහර දෙන්නේ කර්ට්ලි ඇම්බ්‍රෝස්. මර්ව් එයාගෙ ඕවරයේ අවසාන පන්දුවෙදි ඇම්බ්‍රෝස් ව දවා ගන්නවා.ඕවරය ඉවරයි.බටහිර ඉන්දියානු කණ්ඩායම කඩුළු නවයයි.ඊලඟ ඕවරයේ කඩුල්ලක් වැටෙන්නේ නැහැ.ආයෙත් අළුත් ඕවරයකට මර්ව් හියුස් පන්දුව අතට ගන්නවා.පන්දුවට පහර දෙන්නේ බ.ඉ.කො පැට්‍රික් පැටර්සන්.මර්ව් තම මුල්ම පන්දුවෙන් පැටර්සන් දවා ගන්නවා.මර්ව් වෙනස් ඕවර දෙකකදී පිට පිට කඩුළු දෙකයි.අවාසනාවට බටහිර ඉන්දීය මුල් ඉනිමේ කඩුළු දහයම ඉවරයි.ඊලඟට පහර දෙන්නට තියෙන්නේ ඕස්ට්‍රේලියාවට.

ඕස්ට්‍රේලියාව පහර දී ඉවර වූ පසු ඔන්න බටහිර ඉන්දීය දෙවෙනි ඉනිම ඇරඹෙනවා.ගෝර්ඩන් ග්‍රිනිජ් හා ඩෙස්මන්ඩ් හේන්ස් පන්දුවට පහර දෙන්න පිටියට එනවා.මර්ව් ඉන්නේ හැට්‍රික් එකක් ඉදිරියේ.නමුත් ඒ හැට්‍රික් එක සම්පූර්ණ කරන්න මර්ව් ට ඉඩ ලැබෙන්නේ සෑහෙන වෙලාවකට පසු.

මර්ව් පළවෙනි පන්දුවෙන්ම ගෝර්ඩන් ග්‍රිනිජ් දවාගන්නවා.හැට්‍රික් එක සම්පූර්ණ කරනවා.

ටෙස්ට් ක්‍රිකට් හි වැඩිම කාලයක් අරන් සම්පූර්ණ කළ හැට්‍රික් එක ලෙස මෙය වාර්තාගත වනවාද කියා අප දන්නේ නැතත් එකිනෙකට වෙනස් පන්දු ඕවර තුනක් යවමින් හැට්‍රික් එකක් සම්පූර්ණ කළ ලොව එකම පන්දු යවන්නා දැනටත් දැවැන්ත, නොහික්මුනු, නිර්භීත, කට හැකර, බේබදු, විශිෂ්ඨ මර්ව් හියුස් පමනයි.

ටෙස්ට් ක්‍රිකට් කියන්නේ අතිශය චමත්කාරජනක ක්‍රීඩාවක් ..

  • මුරලි කියන්නේ ඝාතකයෙක්

    මුරලි කියන්නේ ඝාතකයෙක්

    සර් ජෙෆ්‍රි බෝයිකෝට් තමා දුටු,ඇසූ,එරෙහිව ක්‍රීඩා කළ හොඳම පන්දු යවන්නන් ගැන හිටපු එංගලන්ත නායක සර් ජෙෆ්‍රි බෝයිකෝට් අදහස් දක්වා තිබෙනවා. 60/70 දශක වල ලොව හොඳම පිතිකරුවකු ලෙස සැළකුන සර් ජෙෆ්‍රි ක්‍රිකට් ක්‍රීඩාව ගැන හසල දැනුමකින් යුතු විශේෂ මත පළ කරන්නකු ලෙස ද සැලකෙනවා.මේ සර් ජෙෆ්‍රි බෝයිකෝට් ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම පන්දු යවන්නන් ගැන කතා කර තිබූ…

  • ලෝක කුසලානයට එන නෙදර්ලන්තය

    ලෝක කුසලානයට එන නෙදර්ලන්තය

    මේ ඔක්තෝබර් වල ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට නෙදර්ලන්තය සුදුසුකම් ලැබුවා.ඒ පසුගිය දා සිම්බාබ්වේහිදි පැවති ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයෙන් අනුශූරතාවය දිනා ගැනීමෙන් පසු. සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ අවසන් තරඟයේ මෙන්ම ඊට පෙර හමුවූ අවස්ථාවේදීත් ශ්‍රී ලංකාවේ අමුතු ක්‍රිකට් නෙදර්ලන්තයට ආගන්තුක වී දුර්වල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශණය කළත් වර්තමාන නෙදර්ලන්තය ලෙහෙසියෙන් සැළකිය හැකි කණ්ඩායමක් නොවේ. මේ…

  • ඇම්බ්‍රෝස් වසීම් අංක 1- පොන්ටින් කියයි.

    ඇම්බ්‍රෝස් වසීම් අංක 1- පොන්ටින් කියයි.

    ප්‍රශ්නය : කවුද ඔබ මුහුණ දුන් ක්‍රීඩාශීලීම පන්දු යවන්නා.ඔබ වැඩියෙන්ම දවාගත් අය ගැන කියන්න ඕන නෑ.නමුත් ඔබ හොඳ ඉනිමක බාධාවකින් තොරව ඉදිරියට යනකොට කවුරු හරි කෙනෙක් පන්දුව අතට ගන්නවා.අරගෙන ඉතා කල්පනාවෙන් ක්‍රීඩා කරන්න වෙන පන්දුවාර කිහිපයක් දානවා. මෙතෙක් ලේසි පාසුවෙන් සිටි ඔබ මඳක් තිගැස්සෙනව.ඔබ හිතනව මෙහෙම..”ප්‍රවේසමෙන්.අඩු තරමෙ මෙතන කවුරු හරි කෙනෙක් උඹව නතර කරන විදිහ…