ඔහු එංගලන්තය සමඟ 2023 ”අළු බඳුන” තුන්වන තරඟය ක්‍රීඩා කරමින් සිය 100 වන ටෙස්ට් තරඟය සම්පූර්ණ කළා.ඒ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පමණක් දෙවෙනි වන ඉනිමක සාමාන්‍යයක් සමඟ.

විශේෂයෙන්ම ස්මිත් මේ තරම් විශිෂ්ඨ ටෙස්ට් පිතිකරුවෙක් වුනත් ඔහු ඒ තත්ත්වයට රූපාන්තරණය වන්නේ පා දඟ පන්දු යවන්නෙක් ලෙස ක්‍රීඩා දිවිය ඇරඹීමෙන් පසු.

ස්මිත්ගේ ක්‍රිකට් ජීවිතයේ මුල් කාලය එතරම් පහසු එකක් වුනේ නැහැ.එයට හේතුව රිකී පොන්ටින්ගෙන් පසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකත්වයට පුහුණු කරනු ලැබූ මයිකල් ක්ලාක් ස්ටීව් ස්මිත් වෙත දැඩි අකමැත්තක් දැක්වීම නිසා. 2010 වසරේ පා දඟ පන්දු යවන්නෙක් ලෙස ටෙස්ට් වරම් ලැබීමෙන් පසු 2014 දක්වා මයිකල් ක්ලාක්ගේ වෙනස් ලෙස සැළකීම් වලට භාජනය වෙමින් ස්මිත් දැඩි අසීරුවෙන් ටෙස්ට් කණ්ඩායමට යමින් එමින් අමාරු කාලයක් ගත කළා.මේ කාලයේ පන්දු යවන්නෙක් ලෙස පන්දු යවන්නන් සමඟ අග පෙළ පිතිකරණයේ යෙදෙමින් ශතක තුනක් ලබා ගත්තත් “ක්ලාක් සාධකය” ස්මිත්ව නිසි ඇගයීමකට ලක් කරන්නේ නැහැ

එහෙත් 2014 දකුණු අප්‍රිකාණු සංචාරයේදී ස්ටෙයින්,ෆිලැන්ඩර්,කලිස්,මෝකල් වැනි විශිෂ්ඨ වේග පන්දු යවන්නන්ට එරෙහිව “ඩර්බන්”හි ලබා ගත් ශතකය සමඟ තමා කවුද යන්න ස්මිත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයට හඳුන්වා දෙනවා.කොන්දේ ආබාධයක්ද සමඟින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් පල්ලම් බසිමින් සිටි ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක්ට තවදුරටත් ස්මිත්ගේ හැකියාවට එරෙහි වීමට හැකි වන්නේ නැහැ.

2014 සිට ශතක පිට ශතක ලබමින් කිසිවෙකුට නැවැත්විය නොහැකි ගමනක් ආ ස්මිත් සිය ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකත්වය පැට් කමින්ස්ට දන් දෙන්නේ ඩේවිඩ් වෝනර් හා එක්ව සිදුකළ “වැලි කඩදාසියෙන් පන්දුව හූරා දැමීමේ” අපකීර්තිමත් සිද්ධියෙන් තහනමකටද ලක්ව සිටීමෙන් පසුව.

බ්‍රැඩ්මන්ගෙන් පසු බිහිවුන විශිෂ්ඨතම පිතිකරුවා ලෙස සිය 100 වන තරඟයට පිටියට බට ස්ටීව් ස්මිත් ඒ සඳහා පැමිනියේ කිසිසේත් රෝස මල් ඇතිරූ මාවතක නම් නොවේ.

තව තවත් මැජික් පෙන්වන ක්‍රිකට් දිවියක් වේවා ස්ටීවන් ස්මිත් !