සර් ජෙෆ්‍රි බෝයිකෝට්

තමා දුටු,ඇසූ,එරෙහිව ක්‍රීඩා කළ හොඳම පන්දු යවන්නන් ගැන හිටපු එංගලන්ත නායක සර් ජෙෆ්‍රි බෝයිකෝට් අදහස් දක්වා තිබෙනවා.

60/70 දශක වල ලොව හොඳම පිතිකරුවකු ලෙස සැළකුන සර් ජෙෆ්‍රි ක්‍රිකට් ක්‍රීඩාව ගැන හසල දැනුමකින් යුතු විශේෂ මත පළ කරන්නකු ලෙස ද සැලකෙනවා.මේ සර් ජෙෆ්‍රි බෝයිකෝට් ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම පන්දු යවන්නන් ගැන කතා කර තිබූ ආකාරයයි.

සිඩ්නි බාන්ස්-”ඔහු එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවුන හොඳම පන්දු යවන්නා.ආයෙ දෙකක් නෑ..”

ජොඑල් ගානර්-”කවුරුවත් ජොඑල්ට ගැහුවෙ නෑ”

මැල්කම් මාෂල්-”වේගවත්, පොළා පනින සුළුයි.කිසිසේත් විශ්වාස කළ නොහැකියි.”

රිචඩ් හැඩ්ලී-”කාටවත් වරදක් නැතුව ක්‍රීඩාවේ නියැළුන විනීතම හාදයන්ගෙන් අංක එක”

ෂේන් වෝන්-”මට තාම හිතා ගන්න බෑ පිට්ටනියෙන් එළියෙත් ඇතුලෙත් ෂේන් තරම් කදිම හාදයෙක් ගැන.”

ඩෙරික් අන්ඩර්වුඩ්-”තෙත බරිත තනතිල්ලේ එයාගෙ නම ඇහුවත් ලොකු නම් තිබුනු ශ්‍රේෂ්ඨ පිතිකරුවෝ වෙව්ලුවා..”

ඩෙනිස් ලිලී-”අමු තක්කඩියෙක් විශිෂ්ඨ ප්‍රවීනයෙක් වෙන්නෙ කොහොමද කියන එකට හොඳම උදාහරණයක්”

මයිකල් හෝල්ඩින්ග්- ”මුලින්ම වේගය ඊට පස්සෙ හැම ජරාවක්ම”

හැරල්ඩ් ලාවුඩ්-”ඕස්ට්‍රේලියන් කාරයො මෙච්චර නරක පිරිසක් වුනේ අපේ ලාවුඩ් උන්ට කොහොම හරි දිනන විදිහ උගන්නපු නිසා”

ෆ්‍රෙඩී ටෲමන්-රත්තරන් හදවතක් තිබුනු,ශක්තිමත්ම,සතුටින්ම හිටපු වේගපන්දු යවන්නා..

මුරලි-”පිට දඟ පන්දුයවන්නෙක්ට සමූල ඝාතකයෙක් වෙන්න පුළුවන් කියල ආයෙත් ලෝකෙට ඔප්පු කළේ මුරලි”

අපේ මුරලි ගැන තාක්ෂණයෙන් පිරිපුන් හිටපු එංගලන්ත පිතිකරු/නායක සර් බෝයිකෝට් කතා කර තිබුනේ එලෙසයි.

මුරලි සර් බෝයිකෝට් ගේ All time Test Cricket Eleven සඳහා ද ඇතුලත් කර තිබෙනවා.ලොව බොහෝ එංගලන්ත ඕස්ට්‍රේලියානු විචාරකයන් මුරලිට එරෙහිව ෂේන් වෝන් ඔසොවා තබන විටෙක සර් බෝයිකෝට් මුරලි පිළිබඳව ඉතා උසස් ඇගයීමකින් යුතුව කථා කිරීම ලාංකික අපට ආඩම්බරය දනවන්නක්.